February 07 - ඉංග්‍රීසි නවකතාකරු "චාල්ස් ඩිකන්ස්"ගේ උපත
දවසේ දැනමුතු | ඉංග්‍රීසි නවකතාකරු "චාල්ස් ඩිකන්ස්"ගේ ජන්ම දිනය. |
|---|
|
ඉංග්‍රීසි නවකතා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කතුවරයෙකු වන චාල්ස් ඩිකන්ස් මහතා උපත ලැබුවේ වර්ෂ 1812 පෙබරවාරි මස 07 වන දින එංගලන්තයේදීය. එතුමා වික්ටෝරියා යුගයේ ශ්‍රේෂ්ඨතමයා ලෙසද සලකනු ලබයි. පෙර සිටි කිසිම ගත් කතුවරයෙකු අත්නොවිඳි පුළුල් ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ඔහුගේ ජීවිත කාලය තුලදීම බුක්ති විඳි අතර ඔහු වර්තමානයේදීද තවමත් ජනප්‍රිය පුද්ගලයෙකු වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි බොහෝ නිරූපක නවකතා සහ චරිත සඳහා දායකත්වය සැපයූ හේතුවෙනි. |