January 18 - විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ ජන්ම දිනය
දවසේ දැනමුතු | විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ ජන්ම දිනය. |
|---|
|
කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් ප්‍රතිභාසම්පන්නම කවියෙකු ලෙස හැඳින්වෙන විමලරත්න කුමාරගම මහතා උපත ලැබුවේ වර්ෂ 1919 ජනවාරි මස 18 වැනිදා පාතදුම්බරදීය. මහනුවර වේරපිටිය විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය නිමාකරන එතුමා වර්ෂ 1935 දී අනුරාධපුර කච්චේරියේ ලිපිකරුවෙකු වශයෙන් රාජ්‍ය සේවයට එක්විය. පසුව වර්ෂ 1944 දී ආදායම් පාලකවරයෙකු වශයෙන් උතුරුමැද පළාතේම සේවයට එක්වූ එතුමා කවියට මෙන්ම වන්නියටද පෙම් බැඳි කවියෙකු ලෙස ප්‍රකට විය. |