December 16 - ආතර් සී. ක්ලාක් මහතාගේ ජන්ම දිනය
දවසේ දැනමුතු | ආතර් සී. ක්ලාක් මහතාගේ ජන්ම දිනය. |
|---|
|
වර්ෂ 1917 දෙසැම්බර් මස 16 වන දින එංගලන්තයේ සමර්සෙට්හිදී උපත ලැබූ ආතර් සී. ක්ලාක් මහතා ලෝක තාරකා විද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් සිදුකළ පුද්ගලයෙක් විය. වර්ෂ 1956 දී ශ්‍රී ලංකාවට පැමිණි මෙතුමා එතැන් පටන් ශ්‍රී ලංකාවේ වාසය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටද සිදු කල මෙහෙය ඇති විශිෂ්ඨ වේ. එතුමා අනාගතය දුටු විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු විය. එතුමා විසින් අනාගතය පිළිබඳව රචනා කල කෘතීන් රැසක් වූ අතර ඒවායේ අන්තර්ගත වූ කරුණු බොහොමයක් සත්‍ය වූ බව අදටත් පෙනී යයි. |