ගැටුම් සහ ගැටුම් සමථනය පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික අංශ පැහැදිලි කිරීම.
සාමය ගොඩනැගීමේ සහ ප්රතිසන්ධානගත වීමේ වැදගත්කම පිළිබඳ ව විචාරාත්මක ව අදහස් දැක්වීම.
යටත්විජිත වාදය සහ යටත්විජිත පාලන ක්‍රමය ලංකාවේ ආර්ථික සමාජ සහ දේශපාලන පරිවර්තනයට තුඩු දුන් ආකාරය විග්රහ කිරීම.
ශ්‍රී ලංකාවේ යටත්විජිත පරිවර්තනයේ ප්‍රතිවිපාක අවබෝධ කර ගනිමින් අදහස් දක්වයි.
නිදහසින් පසු ව්‍යවස්ථා සම්පාදනයට පසුබිම් වූ සාධක විස්තර කිරීම.
ආණ්ඩුක්‍රම ලක්ෂණ වෙන් වෙන් ව පැහැදිලි කිරීම.
එම ආණ්ඩුක්‍රම ප්රවණතා හා ගැටලු පෙන්වා දීම.
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයේ න්‍යායික පදනම හඳුනා ගැනීම.
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයේ ප්‍රායෝගික පැතිකඩ විශ්ලේෂණාත්මක ව දැකීම.
සමකාලීන ලෝකයේ ඒකීය සහ සන්ධීය ආණ්ඩු ක්‍රමවල අනන්‍යතාව සහ වෙනස්කම් විග්රහ කිරීම.
විවිධ ආණ්ඩුක්‍රම ආකෘතිවල න්‍යායාත්මක පදනම සහ ප්‍රායෝගික ලක්ෂණ තුලනාත්මක ව අධ්‍යයනය කිරීම.
දේශපාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරන ක්‍රියාවලිය විස්තර කිරීම.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ ව දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජයේ කාර්යභාරය විමර්ශනය කිරීම.
රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්රියාවලියෙහි ලා නිල බල ක්රමයේ භූමිකාව පැහැදිලි කිරීම.
1978 ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යූහය, බල කේන්ද්‍රණය සහ ආයතනික සංයුතිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යූහාත්මක ස්වභාවය වෙනස් කළ සංශෝධනවල පසුබිම හඳුනා ගැනීම.
1978 සංශෝධන වලින් ආණ්ඩුක්රමයට ඇති කළ වෙනස්කම්වල ස්වභාවය හඳුනා ගැනීම. (13, 14, 18 සහ 19 වන සංශෝධන)
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්රමයේ ආරම්භය හා විකාශනය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම.
දේශපාලන පක්ෂ ක්රමයේ ලක්ෂණ සහ ප්රවණතා විග්රහ කිරීම.
ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම් හඳුනා ගැනීම.
ජාත්‍යන්තර දේශපාලනයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාධරයන් හඳුනා ගනිමින් අදහස් දැක්වීම.
ජාතික බලයේ සහ ජාතික අභිලාෂවල ස්වරූපය පැහැදිලි කිරීම.
ජාත්‍යන්තර දේශපාලනයේ වර්තමාන ප්රවණතා හඳුනා ගෙන ඒවා පැහැදිලි කිරීම.
ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයේ නව ප්රවණතා ලංකාවට අදාළ ව හඳුනා ගෙන විග්රහ කිරීම.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක විග්රහ කිරීම.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ලක්ෂණ සහ ප්රවණතා පැහැදිලි කිරීම.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සමකාලීන ප්රවණතා විශ්ලේෂණය කිරීම.
වර්තමාන විදේශ ප්‍රතිපත්තියේ අභියෝග සහ ගැටලු අවබෝධ කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීම.