දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා//

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා///
නුවර එළි කලා

දුර පෙනෙන තැනිතලා

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ///
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා...

ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස

...
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 1:16 PM