අඩවන් වූ දෙනෙතින් ගලනා....
සම්පූර්ණ කිරීමේ අවශ්‍යතා
| අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා// තෙමා තෙමා හද ගලා ගලා යන ලොව්තුරු ගුණ මහිමේ මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා පිරි ඉතිරී යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදා ලන බුදු ගුණ මහිමේ මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමේ අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා// ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව පද රචනය : අධිනීතීඥ ඩබ්. ඒ. අබේසිංහ |
![]() |
|
අවසන් වරට නවීකරණය කරන ලද: සඳුදා, 6 දෙසැම්බර් 2021, 11:13 PM
