Section outline

    • 1.1 ශාස්ත‍්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය හා ඉගෙනීමෙහි වැදගත්කම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.

      ඉගෙනුම් ඵල

      • ශාස්ත‍්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය පිළිබඳ පැහැදිලි කිරීම.
      • සන්නිවේදන අධ්‍යයනයෙහි විකාශය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම.
      • සන්නිවේදන අධ්‍යයනය ශාස්ත‍්‍රීය විෂයයක් ලෙස හැදෑරීමේ වැදගත්කම පැහැදිලි කිරීම.
    • 1.2 ශ‍්‍රී ලංකාවට සන්නිවේදනය විෂයය හඳුන්වා දීම හා එයට පසුබිම් වූ සාධක පිළිබඳ අවබෝධය ලැබීම.

      ඉගෙනුම් ඵල

      • ශ‍්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හඳුන්වා දීම පිළිබඳ විස්තර කිරීම.
    • 1.3 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ශාස්ත‍්‍රීය විෂයයක් ලෙස ඉගෙනීමෙහි අවශ්‍යතාව පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හඳුන්වා දීම.
      • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම.
    • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාව - 01 සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - 02
    • 2.1 සන්නිවේදනය යන්න හඳුන්වා දීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදනය යන්න හඳුනා ගෙන අර්ථය පැහැදිලි කිරීම.
    • 2.2 සන්නිවේදනයෙහි ස්වභාවය අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදනයෙහි ස්වභාවය පිළිබඳ විස්තර කිරීම.
    • 2.3 සන්නිවේදන ක‍්‍රියාවලියේ මූලිකාංග විග‍්‍රහ කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදන ක‍්‍රියාවලියේ මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • සන්නිවේදන ක‍්‍රියාවලියේ මූලිකාංග පිළිබඳ වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීම.
      • සන්නිවේදන ක‍්‍රියාවලිය තේරුම් ගැනීමට මූලිකාංග පිළිබඳ අවබෝධය අවශ්‍ය බව තේරුම් ගෙන අදහස් දැක්වීම.
    • 2.4 සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචනය කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචන ඇසුරින් පැහැදිලි කිරීම.
    • 2.5 සන්නිවේදනයේ මූලික කාර්යයන් පිළිබඳ අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදනයේ කාර්යභාරය පිළිබඳ නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
    • සන්නිවේදනයේ පදනම 01 සන්නිවේදනයේ පදනම 02
    • 3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින් අවස්ථානුකූල ව භාවිත කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදන වර්ග නම් කිරීම.
      • සන්නිවේදන වර්ග වෙන් වෙන් වශයෙන් නම් කිරීම.
      • සන්නිවේදන වර්ග පිළිබඳ න්‍යායාත්මක කරුණු ප‍්‍රායෝගික ව භාවිත කිරීමෙන් සන්නිවේදනය සාර්ථක කර ගැනීමට හැකි වන බව පිළිගෙන කටයුතු කිරීම.
      • අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ස්වභාවය හා ක‍්‍රියාවලිය විග‍්‍රහ කිරීම.
      • අන්තර්පුද්ගල සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
      • ආචාරශීලී ව අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීම.
      • වගකීම හා වගවීමෙන් යුතු ව සමූහ සන්නිවේදනයේ යෙදීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
      • සමූහ සන්නිවේදනයේ ස්වභාවය හා එහි විශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • සමූහ සන්නිවේදනය යන්න හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
      • මහජන සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
      • ජනසන්නිවේදනය යනු කුමක් දැ යි විග‍්‍රහ කිරීම.
      • අතථ්‍ය සන්නිවේදනයේ ස්වභාවය හා ක‍්‍රියාවලිය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • සන්නිවේදන වර්ගයන්හි ප‍්‍රායෝගික අවශ්‍යතාව හා ඵලදායීත්වය විග‍්‍රහ කිරීම.
    • 3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින් භාවිතයේ දී යොදා ගනියි.

      ඉගෙනුම් ඵල

      • විවිධ සන්නිවේදන ස්වරූප හඳුන්වා දීම.
      • සන්නිවේදන ස්වරූප භාවිත වන ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
      • විවිධ සන්නිවේදන ස්වරූප පිළිබඳ අවබෝධයෙන් ඉදිරිපත් කිරීම් කිරීම.
    • 3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරුණු අවබෝධයෙන් යුතු ව විග‍්‍රහ කිරීම.

      ඉගෙනුම් ඵල

      • සන්නිවේදන ආකෘති හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • සන්නිවේදන ක‍්‍රියාවලිය සිදු වන ආකාරය පිළිබඳ ආකෘති ඇසුරින් පැහැදිලි කිරීම.
    • සන්නිවේදන ස්වරූප 01
      සන්නිවේදන ස්වරූප 02
      මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
      මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති 2
    • 4.1 සාම්ප‍්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථකථනය කරමින් එහි සුවිශේෂතා පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සාම්ප‍්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථ කථනය කිරීම.
      • සාම්ප‍්‍රදායික මාධ්‍යවල වැදගත්කම විස්තර කිරීම.
    • 4.2 විවිධ ජනමාධ්‍ය ප‍්‍රභේද හඳුනා ගනිමින් ඒවායේ විශේෂතා අවබෝධයෙන් යුතු ව විග‍්‍රහ කිරීම.

      ඉගෙනුම් ඵල

      • ජනමාධ්‍ය යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීම.
      • ජනමාධ්‍යයේ සුවිශේෂතා විස්තර කිරීම.
      • ජනසන්නිවේදන ආකෘති නිදසුන් සහිත ව පැහැදිලි කිරීම.
    • 4.3 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හඳුනා ගනිමින් ඒවාහි සමාජ කාර්යභාරය පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • නව මාධ්‍ය යන්න හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • නව මාධ්‍යයන්ගේ කාර්යභාරය පැහැදිලි කිරීම.
      • සමාජ මාධ්‍ය යනු කුමක් ද යන්න පැහැදිලි කිරීම.
      • සමාජ මාධ්‍යයන්ගේ කාර්යභාරය විස්තර කිරීම.
    • 4.4 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිත කුසලතා ප‍්‍රදර්ශනය කිරීම.

      ඉගෙනුම් ඵල

      • නව මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
      • සමාජ මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
    • 5.1 සංස්කෘතිය, එහි ස්වභාවය හා විශේෂතා අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සංස්කෘතිය යන්න පැහැදිලි කිරීම.
      • සංස්කෘතියේ ස්වභාවය හා විශේෂතා පිළිබඳ අවබෝධයෙන් යුතු ව විස්තර කිරීම.
    • 5.2 සංස්කෘති අධ්‍යයනයෙන් සංස්කෘති අතර ඇති විවිධතා හඳුනා ගෙන සංසන්දනාත්මක ව පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • මාධ්‍යයේ වර්ධනයත් සමඟ සංස්කෘතිය වෙනස් වූ ආකාරය පැහැදිලි කිරීම.
      • මෙම සංස්කෘතිවල විවිධතා හා විශේෂතා පිළිබඳ වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.
    • 5.3 සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යයන්ගේ බලපෑම පිළිබඳ විශ්ලේෂණාත්මක ව කරුණු දැක්වීම.

      ඉගෙනුම් ඵල

      • මාධ්‍ය බලපෑම යන්න හඳුන්වා දීම.
      • මාධ්‍ය මඟින් සංස්කෘතිය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම විචාරාත්මක ව පැහැදිලි කිරීම.
    •             නිර්මාණාත්මක සන්නිවේදනය