කොටසේ දළ සටහන

    • 4.1 කෙටිකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා කෙටිකතා මූලිකාංග පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • කෙටිකතාව යනු කුමක් දැයි හඳුනා ගෙන පැහැදිලි කිරීම.
      • පරිශීලනය කළ කෙටිකතා ඇසුරින් කෙටිකතා ලක්ෂණ ඉදිරිපත් කිරීම.
      • කෙටිකතා විචාර මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • කෙටිකතා ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් යුතු ව කෙටිකතා කියවීම.
    • 4.2 සිංහල කෙටිකතාවේ ප‍්‍රභවය හා විකාසනය පැහැදිලි කිරීම.

      ඉගෙනුම් ඵල

      • සිංහල කෙටිකතාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
      • සිංහල කෙටිකතාවේ පුරෝගාමී කර්තෘවරුන්ගේ නිර්මාණ අගය කිරීම.
      • දේශීය කෙටිකතාවේ විවිධ තේමා, ආකෘති සහ ප‍්‍රවණතා පිළිබඳ පැහැදිලි කිරීම.
      • විවිධ තේමා සහ ආකෘති සහිත කෙටිකතා කියවීමට පෙලඹීම.
    • 4.3 කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතු ව නිර්දිෂ්ට කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.

      ඉගෙනුම් ඵල

      • නිර්දිෂ්ට කෙටිකතාවල කතුවරුන්, කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
      • නිර්දිෂ්ට කෙටිකතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
      • නිර්දිෂ්ට කෙටිකතාවල කලාත්මක ලක්ෂණ හඳුනා ගෙන පැහැදිලි කිරීම.
      • කෙටිකතා රස විඳිමින් විචාරයට ලක් කිරීම.