ටීකා...
Completion requirements
| තිබෙන්නා පොහොට වැල් තිබෙන්නා නොයෙක් වැල් තිබෙන්නා එයින් එකක් ගෙනල්ලා වෙළුවා සේම වෙළී වෙළී වෙළී ඉස සිට දෙපතුළට වෙළී කන්දේ ගියා මලක් සොයා ගන්ට කියා - නාමල් තිබෙන්නා සපු මල් තිබෙන්නා පිච්ච මල් තිබෙන්නා එයින් එකක් ගෙනල්ලා පැළැන්දා සේම මලි මලි මලි නුඹෙ කොන්ඩේ තිබෙන මලී වතුරේ ගිය රැළක් බලා ගන්න කියා - මුහුදු රැළ තිබෙන්නා ගංඟා රැළ තිබෙන්නා මැවු රැළ තිබෙන්නා එයින් එකක් රිස්සෙන් බැලූවා සේම රැළි රැළි රැළි නුඹෙ නරුපෙට තිබෙන රැළී වෙන රටේ ගෑණු කොල්ලෝ හතර පස්දෙනා නාවා කවා පොවා ගෙන බලා ගන ඉන්නවා මේ නෑම්බිට අතකොලුවක් විතර නැති කොලුවා බලා ගැනීමට බෑ කියන්නා සේම ලොලි ලොලි ලොලි බාලොලි ලොලි බාල ලොලී ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.) සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ |
![]() |
|
Last modified: Wednesday, 8 December 2021, 11:49 AM
