මං වාගේ පේඩි කතක්...(සොකරි ගීත)
Completion requirements
| මං වගෙ පේඩි කතක් මනා දුටුවාද ලොවේ රුසිරෙන් දිනා මංකල පෙර පවකින් ගෙනා මට හිමිවුණේ මහළු වෙසමුණා නාකි වුණත් මට කම් නැතේ තව නොංඩි කකුලකුත් ඇද යතේ ඊට වඩා මුගෙ අවගතේ මගෙ දෝස තැනින් තැන පවසතේ වකුටු කුදේ නොංඩි පය තියා කෙතට බැඳපු ලෙස මෙපඹයා යස රුවට කොරළ හැඩි තලගොයා හට මාව දීලා මව්පියො ගියා මව්පියො නිදහස් වෙන්නටා මාව දුන්නයි නාකි වු හමෙකුටා උන්දැල හට කඹුරන්නටා යැද ඉන්නෙ සුරන් හට දෙස්කොටා එන්සල් සහ බුලතුත් මෙමං ගෙනවිත් ඇත මගෙ මල්ලෙ කනවනම් මුන්දැට නොදෙනෙමි සහතිකෙන් අන් තරුණක් හට දෙමි සිත් තුටින් සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |
||
இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 6:50 PM