1.0 පුරාතන ගද්ය සාහිත්යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම.
Table of Contents
Section outline
-
-
1.1 පුරාතන ගද්ය සාහිත්යයේ විකාසනය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- පුරාතන ගද්ය සාහිත්යයේ විවිධ අවධි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.
- සිංහල ගද්ය සාහිත්යයේ වර්ගීකරණය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- පුරාතන ගද්ය කෘති හා කර්තෘවරුන් නම් කිරීම.
- පුරාතන ගද්ය සාහිත්යයේ ලක්ෂණ ඉදිරිපත් කිරීම.
- පුරාතන ගද්ය සාහිත්ය නිර්මාණ ඇගයීමට ලක් කිරීම.
-
1.2 නිර්දිෂ්ට කෘතිවල විශේෂතා, අන්තර්ගතය, භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන රසවිඳිමින් විමසුමට ලක් කිරීම.
ඉගෙනුම් ඵල
- නිර්දිෂ්ට කෘතිවල පසුබිම පිළිබඳ තොරතුරු වගු ගත කිරීම.
- නිර්දිෂ්ට ගද්ය නිර්මාණ අර්ථාවබෝධයෙන් කියවීම.
- නිර්දිෂ්ට ගද්ය නිර්මාණවල තේමාව හා අන්තර්ගතය විස්තර කිරීම.
- නිර්දිෂ්ට කෘතිවල සුවිශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නිර්දිෂ්ට කෘතිවල භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන පැහැදිලි කිරීම.
- නිර්දිෂ්ට ගද්ය පාඨ ලිහිල් බසින් ලිවීම.
- නිර්දිෂ්ට පුරාතන ගද්ය රස විඳිමින් විචාරය කිරීම.
-