බුධ ග්‍රහයා ...

බුධ ග්‍රහයාගේ තොරතුරු උගනිමු.

  • ආලෝකය නිකුත් කිරීමට නොහැකිය. දීප්ත වස්තු නොවේ.
  • එහෙත් සුර්යයාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි.
  • සුර්යයා වටේ ගමන් කරන මාර්ගය කක්ෂය නම් වේ.
  • එය හැඩය ඉලිප්සාකාරයි.
  • ඒ නිසා වරෙක සුර්යයාට ළංවද තවත් වරෙක දුරින් ද ගමන් කරයි.
  • සුර්යයාට සමීප හෙයින් දැඩි උණුසුමෙන් යුක්තයි. ඊයම් පවා උණු කිරීමට තරම් උණුසුම් ය.
  • දිවා කාලයේ දී උණුසුම 4700C (8800 F) පමණ වේ.
  • රාත්‍රී කාලයට -1830C (-3000 F)තරම් පහළ බසියි.
  • දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය ඉහළ අගයක් ගනී.
  • වායුගෝලයක් නොමැත. නිතර උල්කාපාත වැටෙයි.
  • එම නිසා මතුපිට ආවාට සහිතයි.
  • උණුසුම වැඩිවීම, වායුගෝලයක් නොමැතිකම හා ජලය නොමැති වීම හේතුවෙන් ගහකොළ හා ජීවීන් නොමැත.