හිරු පවුලේ ප්‍රධානියා ...

හිරු පවුලේ ප්‍රධානියා ගැන තොරතුරු දන්නවද?

  • හිරු පවුලේ ප්‍රධානියා තමයි සුර්යයා
  • ප්‍රධානියා වගේම ප්‍රමාණයෙන් ද විශාලම තාරකාවයි.
  • සියලු ග්‍රහලෝක තමා වෙත ඇද ගැනීමේ ප්‍රබල ශක්තියක් ද සුර්යයාට තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණ බලයයි.
  • හැඩය ගෝලාකාරයි. එමෙන්ම දීප්ත වස්තුවකි.
  • විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 1.4 ක් වේ.
  • පෘථිවියේ සිට කි. මී. මිලියන 150 ක්පමණ දුරින් තමයි සුර්යයා ඉන්නේ.
  • සුර්යයාගේ අභ්‍යන්තරයේ හයිඩ්‍රජන් වායුව තිබේ.
  • ඒවා හිලීයම් බවට පරිවර්තනය වීමෙන් සුර්යාලෝකය ඇති වේ.
  • සුර්යයා ඉතා ඈතට ගිණිදැල් විහිදුවයි.
  • සෞර ග්‍රහ මණ්ඩලයේ පැවැත්ම සුර්යයා මත රදා පවතී.
  • පෘථිවියේ ජීවීන්ගේ පැවැත්මට සුර්ය පතනය බලපායි.