පෘථිවි ව්‍යුහය

වායුගෝලයේ විවිධ වායු වර්ග ඇත.

  • නයිට්‍රජන් - 78.03%
  • ඔක්සිජන් - 29.99%
  • කාබන්ඩයොක්සයිඩ් - 0.03%
  • ආගන්, හිලීයම්, නියෝන් සහ වෙනත් - 0.95% කි.

වායුගෝලයේ ප්‍රධාන ස්ථර හතරකි.

  • පරිවර්තී ගෝලය
  • අපරවර්තී ගෝලය
  • මෙසෝගෝලය
  • තාප ගෝලය
  • මෙසෝගෝලය සහ තාප ගෝලය, අයන ගෝලය නමින් හදුන්වයි.
  • පරිවර්තී ගෝලය .

    • පෘථිවියට ආසන්නම ස්ථරය පරිවර්තී ගෝලයයි
    • කි. මී. 15 තරම් උසට විහිදේ.
    • පහළ වායුගෝලය ලෙස ද නම් කෙරේ.
    • වායුගෝලයේ වාතයෙන් 80% ක්ම මේ කොටසේ ඇත.
    • මිනිස් කටයුතුවලට බලපාන උෂ්ණත්වය, පීඩනය සුළං, අර්ද්‍රතාවය, වර්ෂාව වැනි සියලු සංසිද්ධි සිදු වන්නේ මේ කලාපය තුළයි.

    අපවර්තී ගෝලය

    • මෙය ස්ථර ගෝලය නමින්ද හදුන්වනු ලැබේ.
    • ඕසෝන ස්ථරය පිහිටියේ අපවර්තී ගෝලයේ ය.
    • ඕසෝන ස්ථරය මගින් සුර්ය කිරණවල ඇති අහිතකර කිරණ අවශෝෂණය කර ගනී.
    • ඕසෝන ස්ථරයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී.

    ජලගෝලය

    • සාගර, මුහුදු , අභ්‍යන්තර මුහුදු, ලිං, ගංගා, ඇළ, දොළ ජලය හා භූගත ජලය ආදී වශයෙන් සියලු කොටස් වල එකතුව ජල ගෝලයයි.

    ශිලා ගෝලය

    • පෘථිවියේ මතුපිට ස්ථරය ශිලා ගෝලයයි.
    • ශිලා ගෝලයේ ඝනකම කි. මීටර් 5-70 අතරය.
    • මතුපිට ස්ථරය හදුන්වන්නේ පෘථිවි කබොල නමිනි.
    • කබොල මත විවිධ භූවිෂමතා ලක්ෂණ දක්නට ලැබේ.
    • කඳු, සානු, තැනිතලා ඒ අතර ප්‍රධාන වේ.