පෘථිවි ව්‍යුහය

පෘථිවි ව්‍යුහය

  • පෘථිවිය විශාල පාෂාණ ගෝලයකි.
  • මෙම පාෂාණ ගෝලයේ මතුපිට ගංගා ඇළ දොළ මුහුදු සාගර නිර්මාණය වී ඇත.
  • ජලයෙන් වැසී ඇති සාගර හා මුහුදු කොටස්වල ප්‍රතිශතය 71% කි.
  • ඉතිරි 29% ගොඩබිමයි.
  • ගොඩබිම ශිලා ගෝලය නමින් ද, ජලයෙන් වැසුණ කොටස් ජල ගෝලය නමින් ද හදුන්වනු ලැබේ.
  • පෘථිවිය වටා වායු ගෝලය පිහිටා තිබේ.
  • ජලගෝලය, ශිලා ගෝලය හා වායු ගෝලය යන කොටස් වල බලපෑමෙන් ජෛව ගෝලය ගොඩනැගී ඇත.
  • පෘථිවියේ ව්‍යුහය සකස් ව ඇත්තේ ජලගෝලය ශිලා ගෝලය වායුගෝලය හා ජෛව ගෝලය යන ගෝල හතරිනි.

වායු ගෝලය

  • පෘථිවිය වටා ඇති වායු ස්ථර සමුහය වායු ගෝලයයි.
  • පෘථිවිය වසා සිටින වායු වැස්මකි.
  • පෘථිවියේ සිට කි. මී. 1000 පමණ ඉහළ ට විහිදේ.