ශ්‍රී ලංකාවේ පිහිටීම හා සම්මත වේලාව

  • ශ්‍රී ලංකාව නැගෙනහිර දේශාංශ 80-81 අතර පිහිටා ඇති හෙයින් රටේ බටහිර පැත්තේ වේලාවට වඩා නැගෙනහිර වේලාව මිනිත්තු 4 ක වෙනසක් දක්නට ලැබේ.
  • එහෙත් මුළු රටම භාවිතා කරනුයේ කොළඹ වේලාවයි.

  • ඉහත සිතියම නිරීක්ෂණය කරන්න.
  • එහි ශ්‍රී ලංකාව, ඉන්දියාව පිහිටා ඇතිතේ 5 වැනි කලාපය තුළ බව දක්නට ලැබේ.
  • 5 වන කලාපයට දේශාංශ 750 - 900 අතර කොටසට අයත් වේ.
  • එම නිසා එහි හරි මැද දේශාංශය සැලකිල්ලට ගෙන වේලාව සම්මත කරගෙන තිබේ.
  • හරි මැද සෙවීම = (750 +900 )/2 = (1650)/2 = දේශාංශ 82 ½ o
  • මධුරාසිය හෙවත් චෙන්නායි පිහිටියේ නැගෙනහිර දේශාංශ 82 ½ o රේඛාව මතයි.
  • එබැවින් මධුරාසි වේලාව එම කලාපයේ වේලාව ලෙස සැළකේ.
  • ග්‍රිනිච් වේලාව ලෝකයේ ම වේලාව ගණනය කිරීම සඳහා සම්මත වේලාව සේ සැළකේ.
  • ග්‍රිනිච් නගරය පිහිටියේ ලංකාවට බටහිර දෙසිනි.
  • ලංකාවේ වේලාව සෙවීම සඳහා ග්‍රිනිච් වේලාවට පැය 5 මිනිත්තු 30 එකතු කරනු ලැබේ.