නැගෙනහිර දේශාංශ සහ බටහිර දේශාංශ

නැගෙනහිර දේශාංශ සහ බටහිර දේශාංශවල වේලාවේ වෙනස

  • ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාවට නැගෙනහිරින් ඇත්තේ නැගෙනහිර දේශාංශයයි.
  • බටහිරින් ඇත්තේ බටහිර දේශාංශයයි.
  • නැගෙනහිර දේශාංශවලට කලින්ම හිරු උදාවන හෙයින් වේලාව වැඩි වේ.
  • බටහිර දෙසට වේලාව අඩු වේ.
  • දේශාංශ 150 අතර වේලාවේ වෙනස පැය 1 යි.
  • එම නිසයි ඉහත රූපසටහනේ වේලාවේ වෙනසක් ඇත්තේ

සම්මත වේලාව

  • ලෝකයේ සමහර රටවල් හරිම විශාලයි. ඒ නිසා එක රටක් ඇතුළත දේශාංශ රේඛා ගණනාවක් විහිදේ.
  • සැබැවින්ම එවිට එකම රටේ වේලාවල් ගණනාවක් තිබිය යුතුය.
  • එය පරිපාලන කටයුතුවලදී ලොකු බාධාවකි.
  • එම නිසා සම්මත වේලාවක් තීරණය කර ගැනීම වැදගත් .
  • ඒ සඳහා සම්මත වේලා කලාප ඇති කරගෙන තිබේ.
  • දේශාංශ 150 කට වේලාවේ වෙනස පැය 1 යි.
  • එබැවින් 150 පරතර 24කට ලෝකය බෙදා ඇත.
  • ඒ කාල කලාපයක් ලෙස හදුන්වනවා.
  • එම කලාපය තුළ ඇති මධ්‍ය රේඛාව පදනම් කරගෙන සම්මත වේලාව ගණනය කරල තිබෙනුයේ.