පෘථිවියේ භ්‍රමණය

  • පෘථිවිය ගෝලාකාර හෙයින් සුර්යයාට මුහුණලා ඇති පැත්ත දහවල් කාලය වන අතර ඊට විරුද්ධ පැත්ත රාත්‍රිය වේ.
  • මේ අනුව එක් අර්ධයක ඇති රටවලට දිවා කාලය වන විට අනික් අර්ධයේ රටවලට රාත්‍රිය උදා වේ.
  • ඒ හැමතැනම වේලාව එක හා සමාන නැත.
  • බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වීම නිසා නැගෙනහිර දේශාංශ වලට පළමුවෙන් හිරු උදා වේ.

වේලාව ගණනය කරමු.

  • වේලාව ගණනය කිරීම සඳහා දේශාංශ ගැන දැන සිටීම වැදගත් වේ.
  • දේශාංශ යනු ලෝක ගෝලයේ උත්තරධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට ඇඳ ඇති මන:කල්පිත රේඛා විශේෂයකි.