පෘථිවියේ භ්‍රමණය

පෘථිවිය භ්‍රමණය වන බව ඔබ දන්නවාද?

  • පෘථිවිය නියත වශයෙන්ම සිය අක්ෂය වටා භ්‍රමණය වෙයි.
  • එක් වටයක් භ්‍රමණය වීම සඳහා දළ වශයෙන් පැය 24ක කාලයක් ගත වේ.
  • මේ භ්‍රමණය ඔබට පියවි ඇසට දිස්වන්නේ සුර්යයා නැගෙනහිර සිට බටහිරට ගමන් කරන්නාක් මෙනි.
  • එහෙත් සිදු වන්නේ පෘථිවිය භ්‍රමණය වීමයි.
  • පෘථිවිය භ්‍රමණය වන්නේ බටහිර සිට නැගෙනහිරටයි.
  • මෙසේ භ්‍රමණය වන නිසා දිවා හා රාත්‍රී කාල උදා වේ.