පෘථිවිය

පෘථිවිය ගෝලාකාර ද?

  • පෘථිවි පෘෂ්ඨය පැතලි තලයක් බව අතීත මතය විය.
  • එසේ පැතලි එකක් වුවා නම් ඔබ ඕනෑම තැනක සිට බැලුවහොත් ඔබට ආකාශයේ දිස්වන්නේ එකම තරු සමුහයක් පමණි.
  • ඕනෑම කෙනෙක් ලොව වටා සංචාරය කළොත් ක්ෂිතිජයට ඉහළ පෙනෙන තරු තව විටක නොපෙනී යනු ඇත.
  • එසේ වන්නේ ගෝලාකාර හැඩය නිසයි.
  • ඔබ මුහුදු වෙරළට ගොස් මුහුදේ ගමන් කරන යාත්‍රාවක් දෙස බලන්න.
  • එය ඈතට යන විට කුඩා වී නොපෙනී යයි

  • ඈත බලා සිටින ඔබට පෙනෙන්නේ අහස උත්තල හැඩයෙනි.
  • අහස බිමට යාව තිබෙනවා සේ පෙනේවි.
  • ඒ ක්ෂිතිජයයි.
  • එසේ පෙනෙන්නේ ද ගෝලාකාර නිසයි.
  • ඔබ ගුවන්යානයකින් ලොව වටා ගමන් කිරීම කළහොත් ඔබට නැවතත් පිටත් වු ස්ථානයටම නැවත ළඟාවිය හැකිය. එසේ වන්නේ ගෝලාකාර නිසයි.
  • නැවකින් යාත්‍රාකිරීම අරඹන බවට එය ආපසු නොහරවා කෙලින්ම ගියහොත් ඔබ නැවත ළඟා වන්නේ ගමන් ඇරඹු තැනටමයි. එසේ වන්නේ ගෝලාකාර හැඩය නිසයි.
  • අභ්‍යවකාශයේ සිට ගන්නා ලද ඡායාරූපවලින් ද පෘථිවිය ගෝලාකාර බව තහවුරු වේ.