උප ග්‍රහයෝ - චන්ද්‍රයා

  • චන්ද්‍රයාගේ භ්‍රමණ වේගය ඉතා අඩුයි
  • පෘථිවිය වටා එක් වටයක් යනවිට තමා වටේද එක් වරක් කැරකෙයි.
  • මේ මන්දගාමී ගමන නිසා දිවා හා රාත්‍රිය පෘථිවි දින 14 කට සමානය.
  • චන්ද්‍රයාගේ දිවා උණුසුම 120 0 පමණ වන අතර රාත්‍රියේ දී එය -150 0 දක්වා පහළ බසී.
  • සඳමත වායුගෝලයක් නොමැතිකම මෙසේ වීමට හේතුවයි.
  • මතුපිට ආවාට සහිත ය.
  • දුවිලිවලින් වැසුන මතුපිටක් ඇත.
  • සුර්යයාගෙන් ලැබෙන ආලෝකය පෘථිවිය දෙසට පරාවර්තනය කරයි.
  • චන්ද්‍රයා හැම දිනකම අපට එක හා සමානව නොපෙනේ.
  • මාසයක් තුල සිදුවන එම වෙනස කලා වෙනස ලෙස හඳුන්වයි.
  • භ්‍රමණය හා පරිභ්‍රමණය සමාන හෙයින් හැමවිටම සඳේ එක් පැත්තක් පෘථිවිය දෙසට හැරී පවතී.