වැස්ස

දුරවබෝධ වචන තේරුම් ගනිමු

  • රාවය - හඬ, නාදය
  • පදමට - හොඳින් ඔප දැමු
  • වෙරළු මිණි - වෛඩුර්ය මැණික්
  • සුණු - සියුම් කුඩු
  • විසුළ - අතුරන ලද
  • ජෝතිය – කාන්තිය
  • නැඩ - ඉතා විශාල, මහත්
  • කුඹුරු බඩ - කුඹුරු අසළ
  • අගල් - කානු
  • මේ කුළු - වැහි වලාකුළු
  • වැහිගිලිය - වැහි අඳුර (වැහි මන්දාරම)
  • නිකෙළෙස් - පිරිසිදු
  • ලිය මඬුලු - වැල් එකිනෙකට එතී වියනක් මෙන් සෑදුණු තැන්
  • පිටුතලය – පසුබිම
  • අලස – කම්මැලි

පහත දැක්වෙන ප්‍රකාශනවල අරුත අවබෝධ කර ගනිමු.

1.ජෝතිය ලැගුමු ගත් ළා තණ පිටිය උඩ

    ළා තණකොල වලින් යුතු පිටිය මතට වැහි බිදු වැටෙන විට
    දිස්වන කාන්තිමත් බව

2.වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී

    පොළොව මතට රිද්මයානුකූලව වැහි බිදු ඇඳවැටීම

3.දියවැල් වමාරන්නා මෙනි, පියසි තල

    වහලවල් මතින් ඇද හැලෙන වැසි දිය දහර දිය ඇලි මෙන් බිමට       ඇද වැටීම.

4.පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

    මඩ හා මිශ්‍ර වු බොර පැහැති වැසි ජලය කානු දිගේ ඉදිරියට ගලා         යාම.

5.ගස්වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්

    අකුණු පහරින් හා වැසි දිය පහරින් ගස්වැල් සසල වීම.