වැස්ස

  • සුළඟ හමමින්, අකුණු ගසමින්, වහින අතර, මේ ගමට සැන්දෑවට වඩා ඉක්මනින් රාත්‍රිය උදා වු බවත් කවියා දක්වනුයේ අවට පරිසරය ඉතාම ඉක්මනින් වැහි අඳුරෙන් වැසී ගිය නිසාවෙනි.
  • එය කවියා දකිනුයේ සැන්දෑවක් උදා නොවී එකවරම රාත්‍රිය උදා වු ලෙසිනි.
  • වැහි අඳුරෙන් පිරී ගිය පරිසරයේ ස්වභාවය මෙම කවියෙන් ඉස්මතු කරයි.

  • මෙහිදී වැසි සහිත පරිසරය තුළ දැනෙන සීතල මඳකට හෝ නැති කර ගැනීමට තම කාමරය තුළ කළුවැල් කපුරු දවමින් උණුසුම් කර ගන්නා ආකාරයත්... ඒත් දැනෙන අධික වු සීතල හේතුවෙන් කවියාට තම ගම නුවරඑළියක් සේ දැනෙන බවත් මෙම කවියෙන් ප්‍රකාශ කරයි.
  • කවියාට අවසානයේ මෙපමණ අලස දවසක් මින් පෙර අත් නොවිඳි බවයි.
  • එයින් අපට ව්‍යංගයෙන් පවසනුයේ වැස්ස නිසාම ප්‍රබෝධයට පත් දවස වෙනදා මෙන් ක්‍රියාශිලී නොවී එහි රසය විඳිම්න් නිදහසේ සිටි බවයි.
  • මෙම පදයෙන් කවියාගේ සිත අලස වී යැයි අප සිතුවොත් වැස්ස නිසා කවියා මෙතෙක් විඳි සොඳුරු බවට, කවියාගේ සිත මතුවු සුන්දර සිතිවිලිවලට අප අතින් ඉටුවන බලවත් හානියකි.
  • එයින් පවසනුයේ දවසේ ස්වභාවය පිළිබඳවය.