වැස්ස

  • ඊතල විදින්නාක් මෙන් එක එල්ලේ පොළොවට වැටෙන වැහි දිය දහර ගස් වැල් මත ඇඳ වැටෙන අවස්ථාවන්හි ගස්වැල් සෙලවෙන ආකාරය ද, නැවත ඒවා තුළින් දිය බිඳු පොළොවට වැටෙන ආකාරය ද කවියා දක්වා ඇත්තේ නව්‍ය උපමාවක් ඇසුරෙනි.
  • එනම් .... වැහි දිය පහරින් වේදනාවෙන් මිරිකෙන ගස්වැල් කඳුළු සලන්නාක් මෙනි.

  • වැහිබර අවස්ථාවකදී අතීතාවර්ජනයක යෙදෙන කවියා අතීත අත්දැකීම් සජීවී ව ඒ මොහොතේ ලැබෙන අත්දැකීම් සේ විඳින ආකාරය මේ කවියෙන් ප්‍රකාශිතය.