වැස්ස

  • වැඩි වෙලාවක් තුළ පොළොවට ඇද හැලෙන ජලධාරාව මාවත දෙපස ඇති අගල් දිගේ ගලා යනුයේ පිඹුරන් ඉදිරියට ඇදෙන්නාක් මෙනි.
  • බොර පැහැති වැසි දිය දහර ගලා යන ආකාරය කවිය රස විඳින අප සිත් තුළට දැනෙනුයේ නිරායාසයෙනි.

  • මෙම කවියෙන් අකුණු ගසමින් වහින අතරේ වැහි අන්ධකාරය තුළ කඳු ගැට පවා ගිලී මුළු පරිසරයම වැහි අඳුරෙන් වැසී ගොස් ඇති ආකාරය පිළිබඳ ව සුන්දර දසුනක් අප සිත්හි මවයි.
  • මෙහිදී " හදවත පියාඹා යයි .. , වෙල් කුඹුරු උඩින් " යනුවෙන් ප්‍රකාශ කරන කවියා වැස්ස හමුවේ කවි සිත අවදිවන ආකාරය ව්‍යංගයෙන් අපට මතු කොට දක්වයි.