- මෙම කවියෙන් වැස්ස ඉතාම තදින් වහින ආකාරයක් අපට වැටහේ.
- ඉවුරු කඩා දමමින් ඇළ , දොළ උතුරායමින් වැසි දිය දහර ගලා යයි.
- මේ අවස්ථාවේ ප්‍රීතියෙන් නාද නගමින් සතුටින් රඟ දෙන මොනරෙකුට
වඩා කවියා සතුටුවන බව කවියේ දැක්වේ.
- වැස්ස නිසා කවියාගේ සිත උතුරා යන සොම්නස කියාපාන අපුරු කවියෙකි.
- වැහි බිඳු පොළොවට ඇද හැලෙනුයේ කුර ගැටෙන රිද්මයකට අනුවය.
- ටක් ... ටක් යන රිද්මයකට අනුව පොළොවට ඇද වැටෙන වැහි බිඳු මිදුලේ එකතු වී කුඩා රළ
පහරවල් සෑදී සැලෙන අතරතුර සුදෝ සුදු පැහැති පෙණ බුබුළු බිඳි බිඳී විසිරෙන සුන්දර දසුන කවියාගේ
සිත තුළ දනවනුයේ චමත්කාර දසුනකි.
|
- වැස්ස වඩාත් සතුටක් මතුකරලන්නේ පාසල් වියේ පසුවන දරුවන්ටය.
- වැසි බිඳු එකතු වී පුංචි ගංගාවල් මෙන් මිදුලේ සෑදෙන දියකඩිතිවල දුව
පැන සෙල්ලම් කිරීමට, කඩදාසි බෝට්ටු පා කිරීමට පාසල් ළමෝ ඉතා කැමැත්තෝය.
- ඔවුන්ගේ සුන්දර සිහින ලෝකය හැඩකරන්නා වු එක් අවස්ථාවක් ලෙස වැස්ස සඳහන් කර ඇත.
- එමෙන් ම නිවෙස්වල වහලවල් මතින් බිමට ඇද වැටෙන වැහි දිය දහර කවියා උපමා කර
ඇත්තේ වැහි බිඳු රැසක් ම ගිල දැමු වහලවල් ඉතාමත්ම වෙහෙසට පත් වී නැවතත්
එම දිය බිඳු වමාරන්නාක් මෙනි.
|