වැස්ස

වැස්ස පැදි පෙලෙහි තේමාව

වැස්ස හේතුවෙන් කවියාගේ සිත තුළ හට ගන්නා සිතිවිලි සහෘදයා හමුවේ තැබීම.

(සහෘදයා යනු කවිය කියවා රස විඳින්නා ය.)

පැදි පෙළ රස විඳිමින් අවබෝධ කර ගනිමු.

  • මෙම පළමු කවියෙන් යැස්ස වහින්නට ඉතාම ආසන්න බව කවියා ව්‍යංගයෙන් කියයි.
  • වැස්සට පෙර අහසේ එකට එකතුවන අඳුරු වැසි වලාවන් හමුවේ තොටියා තමා යාමට සැරසුණු ගමන නවතා නැවතත් හැරී ගොඩබිම තොටුපොළ දෙසට වැස්ස ඇඳ හැලෙන්නට පෙර පැමිණෙන්නට උත්සාහ දරයි.
  • මෙහිදී තොටියාගේ වේගවත් හබල් හඬ ගොඩටද ඇසෙන බව කීමෙන් වැස්ස වහින්නට ඉතාමත් ම ආසන්න බව අපට තේරුම් ගත හැක.

  • වැසි දිය දහරින් නැහැවුණු තණ පිටිය නැවුම් බවකින් කාන්තිමත් වී ඇත.
  • පරිසරය පමණක් නොව සතුන් පවා වැස්ස හේතුවෙන් සතුටු වන ආකාරය කවියා දකින්නේ ජීවී, අජීවී සියලු ම දෙනාට ස්වාභාවික සම්පතක් වු වැස්ස අගනාම සම්පතක් වන බව ව්‍යංගයෙන් පවසමිනි.