Flag of Sri Lanka National Emblem of Sri Lanka

Sri Lankan Largest MOOC platform for General Education

e - තක්සලාව යනු කුමක්ද?

Laptop

1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ගේ විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළපොත්, ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, සියලු ම ඉගෙනුම් ආධාරක, නිර්මාණශීලි පාඩම් අන්තර්ගතය ද මෙහි ඇතුලත් වේ. මෙය තවදුරටත් නො කඩවා සංවර්ධනය වෙමින් පවතින ක්‍රියාවලියක් වන අතර ජාත්‍යන්තර මට්ටමේ ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් දැයට දායාද කිරීමේ ක්‍රියාවලියකි.

එහි ශ්‍රී ලංකේය ප්‍රවේශය දරුවන් වෙත පිදෙන e - තක්සලාව යි

අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාවේ අනාගත අපේක්ෂාව නම් e - තක්සලාව නම් වූ මෙම දැනුම් වේදිකාව, ඉදිරියේ දී තවදුරටත් පුළුල් කරමින් සිසුන්ගේ ප්‍රශ්න වලට ඒ මොහොතේදී ම (online) පිළිතුරු දියහැකි ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ස්ථාපිත කිරීම, පසුබට සිසුන් සඳහා සුවිශේෂ ඉගෙනුම් ආධාරක යොදා ගනිමින් සහය වීම, සිසුන් හා ගුරුභවතුන් අතර දැනුම සහ අදහස් හුවමාරු කර ගත හැකි වන පරිදි සන්නිවේදන ප්‍රවේශයක් ආරම්භ කිරීම සහ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා අන්තර්ගත නිර්මාණ ආදිය වේ.

e - තක්සලාව කවුරුන් විසින් ද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව මගින් ක්‍රියාත්මක කරනු ලබන සම්පුර්ණයෙන්ම දේශීය ව්‍යාපෘතියකි. විෂය අධ්‍යක්ෂ වරුන්ගේ මග පෙන්වීම යටතේ දිවයිනේ අතිදක්ෂ ගුරුභවතුන්ගේන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙහි නිර්මාණ හා තාක්ෂණ කටයුතු සිදුකරයි. ඔවුන්ට අමතරව මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව විවිධ අයුරින් දායක වී ඇත.

e - තක්සලාව කවුරුන් සඳහා ද?

තක්සලාව දැනුම සොයා යන ඕනෑම කෙනෙකුට විවර වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් නොමිලයේ පිරිනමනු ලබන ඉගෙනුම් මෘදුකාංග අන්තර්ගත පද්ධතියකි. මෙහි ඇති ගුණදොස් අප වෙත දැන්වීම ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් ඉටු කිරීමට සහය වීමකි.

e - තක්සලාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ නිල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය යි.
Working with Ave
Working with Ave
Vision

Empowering the nation through e-learning.

Mission

Provide learning opportunities for creating a confident person for the universe.