• ඝනව වැඩුණු විශාල ශාක 40m පමණ උසිකින් යුක්තය.ශාක මුදුනෙහි අතුබෙදී වියන ස්ථරයක් සාදයි.වනාන්තරයෙහි ශාක වල ස්ථරීභවනයක් දක්වයි.(ස්ථර තුනකට වෙන්වී පවතී.)උඩුවියන,යටි වියන, නෙරු ස්ථරය
  • කඳන් වල එතී පහලට වැඩෙන ආරෝහක ශාක( වැල් වර්ග ) බහුලය.උදා- බාන් වැල්
  • ශාක කඳන් හා අතු මත අපි ශාක බහුලව දක්නට ඇත.උදා- ඕකිඩ් වර්ග,මීවන වර්ග
  • ශාක වල මුල් පද්ධතිය පස තුළහොඳින් පැතිරී ඇත. පස මතුපිට දිරාපත් නොවූ කොළ රොඩු තට්ටුවක් නිරතුරුව දැක ගත හැකිය.
  • ඉහළ ජෛව විවිධත්වයක් මෙන්ම ඒක දේශික ශාක හා සත්ව ප්‍රජාවන් මෙම වනාන්තර වල බහුලය.
  • නිවර්තන වනාන්තර රටක ජාන සම්පත් සුරකින සුවිශේෂී පරිසරයක් වේ.
  • උදා- සිංහරාජය, කන්නෙළිය,කිකිළියාමාන,නාකියාදෙනිය