වනාන්තර
තෙත් වර්ෂා වනාන්තර(නිවර්තන වැසි වනාන්තර)
- මුහුදු මට්ටමෙන් 900m පමණ උසින් මෙම වනාන්තර හමුවේ.
- 2000mm ට අධික වර්ෂාපතනයක් හා 20-25 0C පමණ අධික උෂ්ණත්වයක් ඇති හෙයින් ශාක වර්ධනය ඉතා සීඝ්රය.
- ඉහළ ආර්ද්‍රතාවයක් සහිත උෂ්ණ තෙත් දේශගුණයක් පවතී.වසර පුරාම වර්ෂාව ලැබේ.වියළි කාලයක් නොමැති තරම්ය.
- ගංගා ඇල දොළ ආදී දිය පහරවල් මෙම වනාන්තරය හරහා ගලා බසී.