පරිභ්‍රමණය

  • සුර්යයා වටේ ගමන් කිරීම පරිභ්‍රමණයයි.
  • එම ගමන් මාර්ගය "කක්ෂයයි.”
  • ගමන් මග ඉලිප්සාකාරයි.
  • එක් වටයක් ගමන් කිරීම සඳහා දින 365 පැය 6 ක් ගත වේ.
  • සාමාන්‍යයෙන් අවුරුද්දකට දින 365 කි.
  • ඉතිරි පැය 6 එක්ව අවුරුදු 4 කට වරක් දින 366 අවුරුද්දක් උදා වේ.
  • එය අධික අවුරුද්ද නම් වේ.
  • පෘථිවියේ පරිභ්‍රමණය නිසා සෘතු භේදය ඇති වේ.
  • පෘථිවිය පිහිටා ඇත්තේ කක්ෂයට අංශක 23 ½ ක් ඇළවයි.
  • මේ පිහිටීම වෙනස් නොවී පවතින අතර පෘථිවිය පරිභ්‍රමණය වේ.

  • පරිභ්‍රමණය වන්නේ ඉලිප්සීය මාර්ගයකයි.
  • මේ ගමනේ දී පෘථිවි ගෝලයේ එක් එක් අර්ධ ගෝලයට වැඩියෙන් හා අඩුවෙන් ආලෝකය ලැබේ.
  • සුර්යයා දෙසට යොමු වු ප්‍රදේශයට වැඩියෙන් ආලෝකය ලැබේ.
  • එමෙන්ම තාපය ද වැඩියෙන් ලැබේ.
  • වැඩිපුර උණුසුම ලැබෙන ප්‍රදේශයට උදා වී ඇත්තේ ගිම්හානයයි.
  • සුර්යයාගෙන් බැහැරට පිහිටි ප්‍රදේශයට එවිට උදා වී ඇත්තේ ශිශිර සෘතුවයි.
  • මේ ප්‍රධාන සෘතු දෙක අතර තවත් සෘතු දෙකක් ඇත. සරත් සෘතුව සහ සිසිර සෘතුවයි.