 |
- ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ආධාරයෙන් අනාවරණය වූ ඉන්ද්‍රයිකාවකි.
- බැක්ටිරියා සහ නීල - හරිත ඇල්ගේ සෛල වල හැර අනෙක් සියළු ප්‍රොටිස්ටා ශාක සහ සත්ව සෛල වල මෙය දක්නට ලැබේ.
- සමාන්තර පටල යුගල වලින් යුත් අතු විහිදුණු අඛණ්ඩ පද්ධතියකි.
- මෙම පටල නිසා සෛල ප්ලාස්මය නොයෙක් හැඩයෙන් යුත් කුහර වලට බෙදී ඇත.
- සමහර තැන් වලදී අන්ත:ප්ලාස්මීය ජාලිකාව න්‍යෂ්ඨි ආවරණයත් , ප්ලාස්ම පටලයත් සමග සම්බන්ධ වී තිබේ.
- ඇතැම් විට බාහිර පෘෂ්ඨයෙහි රයිබොසෝම ඇලී ඇති අතර ඒවා රළු අන්ත:ප්ලාස්මීය ජාලිකා වේ. අනෙක්වා සිනිදු ජාලිකා වේ.සෛලයක් තුළ මේ දෙවර්ගයම හෝ එක් වර්ගයක් දැක ගත හැක.
|
|