මයිටොකොන්ඩ්‍රියා................

  • බැක්ටිරියා වලත් , නීල - හරිත ඇල්ගේ වලත් හැර සියළු ශාක ,සත්ව සෛල වල සෛල ප්ලාස්මයේ මයිටොකොන්ඩ්‍රියා දක්නට ලැබේ.
  • දිගින් 2-10µm පමණ වේ. ද්විත්ව පටලමය ව්‍යූහයකි.
  • අභ්‍යන්තර පටලය ඇතුළට රැළි ගැසී මියර සාදයි.
  • ප්‍රෝටීන සහ ලිපිඩ වලින් සෑදී ඇත.
  • DNA සහ RNA සුළු ප්‍ර‍මාණයෙන් ද පවතී.
  • සෛලීය ශ්වසනය නම් වූ ඔක්සිකාරී ප්‍ර‍තික්‍රියාව සිදු වන්නේ මයිටොකොන්ඩ්‍රියාව තුළ දීය.
  • සෛලයේ බලාගාර හෙවත් “ජවපොළ“ ලෙස සලකයි.