සෛල බිත්තිය...........

  • ප්‍රකාශ අන්වීක්ෂයෙන් පෙනෙන අන්දමට ශාක සෛලයක ප‍්‍ර‍කටතම ව්‍යූහය මෙයයි.
  • ප්ලාස්ම පටලයට පිටතින් පිහිටයි.
  • සෛල බිත්තියෙන් සෛලයට ආරක්ෂාවත් , ධාරක ශක්තියකුත් ලැබේ.
  • සෛල වල හැඩයත්, වයනයත් එයින් නිශ්චය වේ.
  • 1µm පමණ ඝනකමින් යුත් එය ඇදෙන සුළු ව්‍යූහයකි.
  • ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් සහ පෙක්ටීන් යන ද්‍ර‍ව්‍ය වලින් තැනී ඇත.
  • ඇතැම් සෛල බිත්ති වල ලිපිඩ ද ප්‍රෝටීන ද , ටැනින් ද අඩංගු වේ.