හැඳින්වීම.........

සියළුම ජීවීන්ගේ මූලික ඒකකය සෛලය බව ලෝකයා විසින් දැන් පිළිගෙන ඇත. එහි මූලික ඒකකවල ව්‍යූහයන් ,කෘත්‍යයන් ජීවය තරම්ම විවිධය, සංකීර්ණය.
සෛලය සංකල්පය වර්ධනය වීමට මඟ හෙළිකළ ඉතාම වැදගත් සිද්ධිය අන්වීක්ෂය නිපදවීම වේ. අන්වීක්ෂය නිපදවන ලද්දේ 16 වන සියවසෙහි අවසාන කාලයේදී උවත් “ඇන්ටන් වෑන් ලේවෙන්හුක්“ විසින් හොඳම කාචය තනනු ලැබූ පසු ප්‍රායෝගික වැඩ සඳහා අන්වීක්ෂය යොදා ගන්නා ලද්දේ 17 වන නියවසේ මැද භාගයේ දී පමණි.
ඉතා තුනී වල්ක සෛල (කිරල ඇබ) පෙත්තක් අන්වීක්ෂයෙන් පරීක්ෂා කළ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන රොබට් හුක් එය කුඩා “පෙට්ටි වලින්“ සෑදී ඇති බව දුටුවේය. ඔහු එම පෙට්ටි “cell” ලෙස හැඳින්වීය.

රොබට් හුක් විසින් නිරික්ෂණය කරන ලද වල්ක සෛල