හැඳින්වීම


ජර්මන් ජාතික විද්‍යාඥයින් දෙදෙනෙකු වූ මතායස් ෂ්ලයිඩන් සහ තියඩෝර් ෂ්වාන් විසින් “සෛල වාදය“ ඉදිරිපත් කෙරුණු අතර සියළුම ජිවීන්ගේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකක වූ කලී සෛල යැයි මෙම වාදයෙන් ප්‍රකාශ විණි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිපදවීමත් සමඟම සෛල තුළ ඇති ඉන්ද්‍රයිකා පිළිබඳව දැනුම පුළුල් විය.