සූර්යයා පිළිබඳ තොරතුරු බිඳක්

• සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රමුඛයා වේ.
• දීප්ත තාරකාවකි.
• සෞරග්‍රහ මණ්ඩලයේ ශක්ති ප්‍රභවයයි.
• ගෝලාකාර හැඩයෙන් යුක්ත ය.
• ගුරුත්ව බලයෙන් යුක්ත වේ.
• පෘථිවියේ සිට සූර්යයාට ඇත්තේ කිලෝමීටර මිලියන 150ක පමණ දුරකි.
• සූර්යයාගේ විෂ්කම්භය කි.මී. මිලියන 1.4 කි.
• මතුපිට උෂ්ණත්වය 6000º ක් වේ.
• සූර්යයාගේ අභ්‍යන්තරයේ ඇති නයිට්රජන් වායුව හීලියම් බවට පරිවර්තනය වීමේ දී සූර්යාලෝකය ඇති වේ.
• සියලු ජීවින්ගේ පැවැත්මට සූර්යාලෝකය අවශ්‍ය වේ.
• පෘථිවියට ආසන්නම තාරකාවයි සූර්යයා.