මෙම ගී තුල දක්නට ලැබෙන ලක්ෂණ ඉතිරිය ..............

ආරම්භය – ක්‍රි.ව. 1500 පෘතුගීසීන්, ලංකාවට පැමිණීමත් සමග ඔවුන්ගේ හමුදාවේ වහල් මෙයෙහ සඳහා පැමිණි කාපිරි ජනතාව අතරේ පැවති සංගීතය, කපිරිඤ්ඤා සංගීතයත් විනෝදකාමී අවස්ථාවලදී ඔවුන් විසින් ගැයු එම ගී සම්ප්‍රදාය සිංහල ජනතාවට ද නිතරම ශ්‍රවනය වීමෙන් පසු කාලීනව කාපිරි ජනතාව හා සිංහල ජනතාව අතර නෑ සබඳකම් විවාහ සිදු වීම තුලින් අපේම සංස්කෘතික අංගයක් බවට පත් විය.

ව්‍යාප්ත වු ප්‍රදේශ – මඩකලපුව, හලාවත, පුත්තලම.

රිද්මය – සාමාන්‍ය ලයකින් ආරම්භය සිදු වී අවසානයේ වේගය වැඩිවීම සිදු වේ. ඛෙම්ටෝ තාලයට අනුව ගී පද පැබැදි ඇති අතර 6/8 නමින් හැඳින්වේ.

බස – පෘතුගීසී, ස්පාඤ්ඤ බස.

සංගීත භාණ්ඩ – වයලීනය (රවිඤ්ඤය), වියෝලය, රබාන, බැන්ඩෝ හැඳි, පොල්කටු, බෝතල් වැනි ආදේශ භාණ්ඩ.

විශේෂතා - ස්වභාව සෞන්දර්ය, ආදරය ප්‍රකාශ කරයි. සරල නාද මාලාවකින් යුක්ත වේ. බාල මහලු සෑම දෙනාම ගීත ගායනයට හා නැටුමට සම්බන්ධ වීම.