කපිරිඤ්ඤා ගීතයක් රස විදිමු.කපිරිඤ්ඤා ගීත....

ක්‍රි.ව 1505 වර්ෂයේ දී ලංකාව අත්පත් කරගත් පෘතුගීසින්ගේ ආභාෂයෙන් ප්‍රචලිත වු බයිලා කපිරිඤ්ඤා බොහෝ කාලයක් නිරන්තරයෙන් අපේ සංස්කෘතිය හා සජීවීව පැවතීමෙන් අපේම කලා අංගයන් බවට පත් වී ඇති ගී විශේෂයක් ලෙස කපිරිඤ්ඤා ගීත හඳුන්වා දිය හැක.

පෘතුගීසීන්ගේ හමුදාවෙහි වහල් මෙහෙය සඳහා පැමිණි කාපිරි ජනතාව ඔවුන්ගේ විවේකය ගත කරන අවස්ථාවලදී ගැයුමින් වැයුමින් නටමින් ගයන ලද ගී කපිරිඤ්ඤා ගීත වේ.

හුමුදුබඩ ආශ්‍රිත ගම්මානවල විසූ සිංහල ජනතාව හා ආවාහ විවාහ කටයුතු සිදු වීමත් සමගම මෙම ගීත කලාව සිංහල ගීත කලාවේ අංගයක් ලෙසට ස්ථාපිත විය.

පුත්තලම, මඩකලපුව ප්‍රදේශවල ප්‍රථමයෙන් ව්‍යාප්ත වු බයිලා සම්ප්‍රදාය පසුකාලීන ව සමස්ත ලංකාවාසී ජනතාවගේ රසවින්දනයට පාත්‍ර වෙමින් ව්‍යාප්ත වී ඇත.