වව්නියා නගරය

වව්නියා නගරය

උතුරට දිවෙන ප්‍රධාන මාර්ගයේ 110 වන සැතපුම් කණුවට ආසන්නයේ පිහිටි මෙහි වවුනියන් විලන්කුළම නම් පැරණි වැවක් පවතී. එම වැව අසල වූ සෙල්ලිපියක් බ්‍රිතාන්‍ය අවදියේදී හොරොව්පතාන මාර්ගය ඉදිකිරීමේදී විනාශයට පත්විය. 1856 දී වව්නියාව උද්‍යානය නිර්මාණය කිරීමේදී මෙහි වූ බුද්ධ ප්‍රතිමාවක් කොළඹ කෞතුකාගාරයට ගෙනවිත් ඇත. බ්‍රිතාන්‍ය අවදියේ දකුණු කිලක්කුමුලෙයි පත්තුවට අයත්වූ මෙහි එම අවදියේ ස්මාරක වශයෙන් උපදිසාපතිවරයාගේ නිලනිවස, කච්චේරි ගොඩනැගිල්ල, රෝමානු කතෝලික පල්ලිය හා මිෂනාරි පාසල් ගොඩනැගිල්ල සැලකිය හැකිය.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - වව්නියාව දිස්ත්‍රික්කය