තෝනිගල

තෝනිගල

වව්නියාව දිස්ත්‍රික්කයෙන් හමු වූ වැදගත්ම ශිලා ලේඛනය මේ ප්‍රදේශයෙන් හමු විය. එය ශ්‍රී මේඝවර්ණාභය රජු විසින් කරවා ඇති අතර ආරාම පාලනය, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොළී ක්‍රම, ආගමික චාරිත්‍ර, මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වේ. එහි සඳහන් “යහිස පවත ” විහාරය ලෙස සැලකිය හැකි ආරාමයක නටබුන් ඇත.

ක්‍රි.ව. හතරවන සියවසට අයත් මෙම තෝනිගල සෙල් ලිපිය මගින් එකල ලක්‌දිව පැවති දේශපාලනික, සාමාජයීය, ආගමික හා ආර්ථික තොරතුරු පිළිබද කරුණු රැසක් අනාවරණය කරනු ලබන අතර එය බැංකු ක්‍රමය හා බදු අය කරගැනීම සම්බන්ධයෙන් වූ ලොව පැරැණිම ලියැවිල්ල ලෙසද සැලකේ

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - වව්නියාව දිස්ත්‍රික්කය