කුරුන්දාවශෝක විහාරය

කුරුන්දාවශෝක විහාරය

මහාවංශයට අනුව ක්‍රි. ව. 100 - 103 කාලයේදී ඛල්ලාටනාග රජු විසින් ගොඩනඟන ලද කුරුන්දාවශෝක විහාරයට ප්‍රදේශයේ ගැමියන් විසින් පියන්කල්ලු යන නමින් ආමන්ත්‍රණය කරනු ලබයි. මහාවංශයේ හා අට්ඨකථාවන්හි කුරුන්දක, කුරුන්ද යන නම්වලින් ද කුරුන්දාවශෝක විහාරය හැඳින්වේ. පළමුවන අග්බෝ (571 - 604) රජු හා පළමු වන විජයබාහුබාහු රජු මෙම විහාරස්ථානයේ විවිධ වූ ක්‍රියාකාරකම් කළ බවට හෙළ වංශකතා සාක්ෂි දරයි. ගෞතම බුදුරදුන් මෙම ස්ථානයට වැඩි බවට ජනප්‍රවාදයක් පවතී.

තන්නිමුරුප්පු වැව හා කුරුන්දමලේ වැවට මැදිවූ පර්වතයෙහි මෙම විහාරය භූමිය පිහිටා ඇත. උතුරු හා දකුණු දිශාවෙන් පර්වතයට පිවිසීමට මාර්ග දක්නට ලැබේ. දිගින් අඩි 21 හා විශ්කම්භය අඩි 104 ක් වූ ස්ථූපයක නටබුන් ද පර්වත මස්තකයෙහි පිහිටා ඇත. මෙම බෞද්ධ විහාරස්ථානයේ සෙල් ලිපියක්ද තිබු බව 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වේ.

ග්‍රන්ථ මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තු