කුම්භකරණමලය

කුම්භකරණමලය

කුරුන්තන්නූර්මලේ ඔදියමලේ මාර්ගයෙහි සැතපුම් 16 ක් පමණ ගිය කල කුම්භකරණමලයට ප්‍රවේශවිය හැකි ය. ලෙන් විහාරයක් වන මෙහි උස අඩි 300ක් පමණ වන පර්වතය වටා පුරාවිද්‍යා නෂ්ඨාවෂේශ දක්නට ලැබේ. ධාතුවංශයට අනුව ගෝඨාභය රජු විසින් කුම්භසේල යන නමින් ඉදිකළ විහාරය මෙය බවට පිළිගනී. මෙම අතීත ලෙන් විහාරයට අවතීර්ණ වීම සඳහා වූ පියගැට පෙළ ද, ලෙන ඉදිරිපිට එක පෙළට පිහිටා ඇති රළු කුඩුම්බි සහිත ගල්කණු 9ක් හා ඊසාන දෙසට වන්නට පොකුණක් ද දක්නට ලැබ්. .

පර්වතය මුදුනේ සතර දිශාවෙන් සක්ක ගලින් බැමි බැඳ මාලක තනා එහි මධ්‍යයේ ස්තුපයක් ඉදිකර ඇත. එසේ ම කැබලි දෙකකට කැඩී ගිය ශිලා ලිපියක් ද දැකිය හැකි අතර වර්තමානයේ මෙම ස්ථානය වලසුන්ගේ අභය භූමියකි.

ග්‍රන්ථ මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තු