තිරුකේතීශ්වරම්

තිරුකේතීශ්වරම්

"ඊශ්වර දෙවියන් උදෙසා ලංකාවේ කෝවිල් පහක් (05) ඉදිකොට ශිව ලිංගම් තනා තිබෙනවා. මුන්නේශ්වරම් (හලාවත) තිරුකෝනේශ්වරම් (ත්‍රිකුණාමලය) තිරුකේතීෂ්වරම් (මන්නාරම), නගුලේෂ්වරම් (යාපනය), තාන්තෝන්ඩිෂ්වරම් (මුලතිව්) යනුවෙන් තනා ඇති මෙම දේවාල වල වාර්ෂික මංගල්‍යය පවත්වනවා. මෙම දේවාල වලට ලක්ෂ ගණන් බැතිමතුන් පුද පූජා පැවැත්වීමට එනවා.

නවත්කුලි-කරතිව්- මන්නාරම මාර්ගය දිගේ පැය කාලක විතර දුරකින් තිරුකේතීෂ්වරම් කෝවිල පිහිටා ඇත. මඩු සිට වන්කාලයිවලට එද්දි දකුණු පැත්තට ඇති පාරකින් ද තිරුකේතීෂ්වරම් වලට ලඟා විය හැකිය. මේ කෝවිල අවුරුදු 2400ක් විතර පැරණි සිද්ධස්ථානයක් ලෙස සඳහන් වේ. මේ කෝවිල් නිර්මාණය සම්බන්ධව විවිධ පුරාවෘත පවති. එක් කතාවකට අනුව, තිරුකේතීෂ්වරම් නිර්මාණය කර ඇත්තේ, රාවණා රජුගේ බිසවගේ පියා විසින් ශිව දෙවියන් වැදීම උදෙසා ය. හින්දු ආගමේ එන දෙවි කෙනෙක් ලෙස සලකන "කේතු" හට ශිව දෙවියන් මුනගැසුන ස්ථානය මෙය ලෙස සැලකීම ද තවත් පුරාවෘතයක්. තිරුකේතීෂ්වරම් ලෙසින් ඒක නම් වන්නේත් එම නිසා බව ද සඳහන් වේ.