මාතොට රජමහා විහාරය

මාතොට රජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී මාතොට රජමහා විහාරස්ථානය, මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිංහල බෞද්ධයන් කිසිවෙකු නොමැති ප්‍රදේශයක පිහිටා ඇති අති දුෂ්කර විහාරස්ථානයකි ශ්‍රී මාතොට රජමහා විහාරස්ථානය. අතීතයේදී බෞද්ධ ජනතාව වාසය කළ මෙම ප්‍රදේශය මේ වන විට බෞද්ධ ජනතාව නැති ප්‍රදේශයක් බවට පත්ව ඇත. ඉතා ඉහල ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති මෙම විහාරස්ථාන භූමියෙන් බුදු පිළිම වල බඳ කොටස්, බෝධිසත්ව පිළිමවල කොටස්, පාදම් හා කණු කොටස් ඇතුළු පුරාවිද්‍යා සාධක රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ.

විහාරස්ථානය වෙත පැමිණෙන කාගේත් ආකර්ෂණයට ලක්වූ බෝධීන් වහන්සේ මෙම විහාරස්ථානයේ සුවිශේෂම අංගය ලෙස සැළකිය හැකිය. මෙම බෝ සමිඳුන් සෙවණේදී දැනෙන අමා සුවය මෙහි පැමිණෙන සෑම වන්දනා කරුවෙකුගේම විඩාව නිවා දැමීමට සමත් වේ.