මන්නාරම බලකොටුව

මන්නාරම බලකොටුව

ගාලු කොටුව තවමත් ජීවමානව පවතිද්දී ගරා වැටෙමින් පවතින මන්නාරම් බලකොටුවේ හරිත ඇල්ගාවන්ට නිවහනක් වූ බිත්ති පෞරාණික ප්‍රෞඩත්වය රැක ගනිමින් පවතින්නට වෙර දරන අයුරු එහි යන්නන්ට දැකිය හැකිය. වර්තමානයේ අතහැර දමන ලද බළකොටුව 1560 දී ලක්දිව ආක්‍රමණය කළ පෘතුගීසී ජාතිකයන් විසින් ඉදිකරන ලද්දකි. එහි පැවැති භූගෝලීය පිහිටීමත් සමග ආරක්ෂක මෙන්ම ආර්ථිකමය වශයෙන්ද වාසිදායක ස්ථානයක් ව තිබූ බලකොටුවේ ඇති ගොඩනැගිල්ල නඩත්තු කර නොමැති වුවද තවමත් හොඳ තත්වයෙන් පවතී.

ලන්දේසි පාලන සමයේ ලේ වැකුණු අතීතයක සාක්ෂි සමගින් වැළලී යන්නට තනන මේ පැරණි උරුමය අවටින් දිස්වන මුහුදු දර්ශනයේ චමත්කාරය එහි පැවති සුවිශේෂ අතීතය සිහිපත් කරවයි. ජාතික උරුමයක් ලෙස රැකගත් යුතු ස්ථානයකි.