කුරුන්තන්කුලම් (පියන්ගල)

කුරුන්තන්කුලම් (පියන්ගල)

මෙම ස්ථානය බුදුන් වහන්සේ දෙවන ලංකා ගමනයේ දී වැඩම කළ ස්ථානයක් ලෙස සැලකෙයි. බෞද්ධාරාමික නටබුන් අක්කර 100ක පමණ භූමියක විසිර පවතී. ගල් කණු, නාග පෙණ සහිත මුල් මුරගල්, දොරටුපාල රූප, මකර තොරණ, නටබුන් වූ ස්ථූපයක් සහ ලෙන් විශාල සංඛ්‍යාවක් පවතී. බොහෝ ලෙන්වල බ්‍රහ්මිය ශිලා ලේඛන ඇත. ලෙන් විහාරයක පොකුණක් ද දැකිය හැකි ය. වළං කැබලි මුළු භූමිය පුරාම විසිර පවතී. මෙයා බල්ලාට නාග රජු විසින් ක්‍රි.පූ.2 වන සියවසයේ දී ඉදිකළ කුරුන්ද පාෂාණ විහාරය ලෙස හඳුනාගත හැකි ය. කුරුන්දි අට්ඨකථා ග්‍රන්ථය සම්පාදනය කළේ මේ විහාරයේ සිට බව සැලකේ. ශිලාලිපිවල කුරුන්දිගම යන නම් සඳහන් වෙයි. ප්‍රාකාරයකින් වට වූ බලකොටුවක් වැනි ස්ථානයක් ද වැව පාමුල ඇත. පසු කලෙක ඉදි වූ හින්දු දේවාලයක් ද දැකිය හැකි ය. මූලාශ්‍ර පෞරාණික ස්ථාන සහ ස්මාරක - වව්නියාව දිස්ත්‍රික්කය