කන්නකී අම්මාන් දේවාලය

කන්නකී අම්මාන් දේවාලය

කන්නකී අම්මාන් දේවාලය ශ්‍රී ලංකාවේ උතුතුරු ප්‍රදේශයේ පිහිටි මෙම කෝවිල කන්නකී අම්මාන් දේවතාවිය සඳහා කැප වූ දෙවොලකි. මුල් අවදියේ පටන්ම මෙම දෙවොල බෞද්ධ හා හින්දු යන දෙපිරිසගේම නමස්කාර ලබා ඇත. කන්නකී දේවිය ශ්‍රී ලංකාවට පැමිණීම සංකේත්වත් කරනු පිණිස මෙම කෝවිල ඉදි කරනු ලැබ ඇති බව සැලකේ.

කන්නකී දේවිය මදුරෛයි නගරයේ සිටිය දී කෝපාවිෂ්ට වූ අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ ස්ථාන දහයක් තෝරා ගෙන නැරඹීම්ට තීරණය කර ඇත. එම ස්ථාන දහය නැරඹීමෙන් ඇගේ කෝපය නැති වූ බව කියැවේ. එම ස්ථාන දහයේ නැවතුම් ස්ථානය එනම් දසවන ස්ථානය ලෙස මෙම ස්ථානය එම දේවිය විසින් තෝරා ගෙන ඇත. එම ස්ථානයේ මෙම දේවාලය ඉදිකර ඇත. පත්තිනි මෑණියන්ගෙන් පිහිට පතන හා බලාපොරොත්තු වන බැතිමතුන් බොහෝ දෙනා මෙහි පැමිණෙයි.