නිලාවරෙයි පොකුණ

නිලාවරෙයි පොකුණ

නිලවර ළිඳ නැතහොත් පොදු ජන වහරේ නිලවර පතුල නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ළිඳ, යාපනයේ සිට පේදුරුතුඩුව මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් පුතූර්හී මාර්ගය ආසන්න වම් පසින් පිහිටා තිබේ.

1917 වර්ෂයේ දී එවක යාපනය දිසා විනිසුරුවරයා ලෙස ක්‍රියාකල පෝල් ඊ පීරිස් විසින් ඔහුගේ වාර්තාවන්හී මෙම ස්ථානය පිළිබඳව විස්තර දක්වා තිබේ. එම වාර්තාවන්ට අනුව ළිඳ හැරුණු විට මෙම ස්ථානය ආසන්නයේ බෞද්ධ නටඹුන් සමූහයක් දැකගත හැකිවේ. මේ නිසා මෙම ස්ථානය අතීත යාපනයේ පැවති බෞද්ධ පුදබිමක් සේ සැලකේ.

සාමාන්‍ය පොදු ජන වහර තුල දී නිලවර ළිඳ පතුල නොමැති ළිඳක් සේ සැලකුවද 2013 වර්ෂයේ අගෝස්තු 15 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම මඟින් සිදුකළ ගවේෂනයේ දී මෙහි පතුල අනාවරණය කර ගැනුනි. ඒ අනුව ළිඳෙහි උපරිම ගැඹුර මීටර් 50ක් ලෙස වාර්තා කෙරිණි.