නාගදීප විහාරය

නාගදීප විහාරය

නාගදීපය වනාහි පුරාණ ලංකාවේ ජනවර්ග හතරෙන් එකක් වූ නාගගෝත්‍රිකයන් වාසය කළ ප්‍රාදේශයක් සේ පිළිගැනේ. එහෙත් පුරාණ නාගදීපය නම් මුළුමහත් යාපන අර්ධද්වීපම ය. දැන් එය ප්‍රධාන දැන් එය ගොඩබිමෙන් කි.මී. 24ක් දුරින් පිහිටි දිවයිනකි. මාණික්‍යයමය සිංහාසනයක් උදෙසා වූ චූලෝදර හා මහෝදර නා රජුන් යුධ වැදුණු බිම සේ හඳුන්වන්නේ මෙම නාගදීපයයි. නමුත් ඒ නාගදීපය නොවේ. වත්මන් යාපන අර්ධද්වීපය විය යුතුය. කෙසේ වුව ද ඒ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණිම අපහසුය. ඔවුන්ගේ යුද්ධ සමනය කරනු පිණිස බුදුන්වහන්සේ නාගදීපයට වැඩම කරවු බවට බෞද්ධ ජනයා අතර විශ්වාසයක් පවතී. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වර්සයේ දීය. මේ පැමිණිම සමඟ චුලෝදර මහෝදර දෙබෑයෝ යුද්ධය නවතා මිණි පළඟ බුදුන්වහන්සේට පූජා කල බව ද පැවසේ.

දැනට මෙහි ඇති බෞද්ධ විහාරස්ථානය උතුරු ලංකාවේ සංචාරය කරන බැතිමතුන්ගේ පූජාවට පාත්‍ර වූ ස්ථානයකි.